සුපර් ලීගයේ පෙරමුණ එංගලන්තයට – ශ්‍රී ලංකාවට 11 වන තැන

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග ඊයේ(26) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තය කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

එංගලන්තය සුපර් ලීගය යටතේ තරග 8ක් ක්‍රීඩා කර ඉන් තරග 4ක් ජය ගනිමින් හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 40ක්.

තරග 6කට ක්‍රීඩා කර තරග 4ක් ජය ගත් ඔස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේ ද, සහභාගී වූ තරග 3ම ජයගත් නවසීලන්තය තෙවැනි ස්ථානයේ ද පසුවනවා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය හිමි ඉන්දියාව 8 වන ස්ථානයේ පසුවන්නේ ක්‍රීඩා කළ තරග 5න් තරග 2ක් ජය ගනිමින්.

කිසිදු තරගයක් ජය ගෙන නොමැති ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 11 වන ස්ථානයේ පසුවන අතර, ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සෘණ 2ක්.

දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය සුපර් ලීගය යටතේ තවමත් කිසිදු එක්දින තරගයක් ක්‍රීඩා කර නැහැ.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගනු ලබන්නේ මෙම ලීග් ක්‍රමවේදය තුළින් වන අතර, එහි පළමු ස්ථාන 7 හිමි කර ගන්නා කණ්ඩායම් 2023 ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි ඉන්දියාව සමග ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගනු ඇති.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...