IPL නිසා ශකිබ් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට පමණක් නම් කිරීමේ තීරණයක්

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමට මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ගත් තීරණය තවදුරටත් වලංගු බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ඊට අවසර ලබා දීමට ගෙන තිබූ තීරණය යළි සලකා බැලීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමෙන් පසුවයි මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශකිබ් අල් හසාන්ට අහිමි වනු ඇති.

ඔහු හෙට(28) දිනයේ දී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම තරග වාරයේ දී ශකිබ් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන නමුත්, ඔහුට පුහුණුවීම් කටයුතු ආරම්භ කළ හැකි වන්නේ ඉන්දියාවට පැමිණීමෙන් පසුව සතියක කාලයක් නිරෝධායනයට ලක්වීමෙන් අනතුරුවයි.

ශකිබ් අල් හසාන්ට මැයි 18 වනදා දක්වා පමණක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවසර ලැබී ඇති අතර, මැයි 20 වනදා ආරම්භ වන තරග 3කින් යුත් ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඔහුට සිදු වනු ඇති.

අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා දෙන ලෙසට ඉල්ලා ශකිබ් විසින් එරට ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් නිසි අයුරින් කියවීමකින් තොරව වැරැදි තොරතුරු සමාජගත කරන බවට ශකිබ් අල් හසාන් විසින් පසුගියදා ප්‍රකාශ කිරීමත් සමගයි එරට ක්‍රිකට් ආයතනය සහ ශකිබ් අල් හසාන් අතර මත ගැටුමක් හට ගත්තේ.

අයි.පී.එල් තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කළහොත් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට ශකිබ් අල් හසාන්ට නොහැකි වන අතර, ඒ හේතුවෙන් ඊට අවසර ඉල්ලා ශකිබ් මීට පෙර එරට ක්‍රිකට් ආයතනයට අදාළ ලිපිය යොමු කර තිබුණා.

අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් මාධ්‍යට කියා සිටියේ “ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමට උනන්දුවක් නොදක්වන අයෙකු ඒ සදහා පෙළඹවීමට උත්සාහ කිරීම තේරුමක් නැති නිසා අපි ඔහුට අවසර ලබා දුන්නා ” යනුවෙනි.

කෙසේ වෙතත්, ඔහු සිය ලිපිය නිසි පරිදි කියවා නොමැති බවත්, තමා ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට එක් නොවීමට අවසර ඉල්ලා සිටියේ එළඹෙන ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට හොදින් සූදානම් වීමේ අරමුණින් බවත්, ශකිබ් අල් හසාන් පසුගියදා සදහන් කළා.

“මම ලිපියේ කොහෙවත් සදහන් කරල තිබුණේ නැහැ මට ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැහැ කියලා. ලෝක කුසලානයට හොදින් සූදානම් වීම සදහා අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට මට අවශ්‍යයි කියන කරුණ තමයි මම ලිපියේ සදහන් කළේ” යනුවෙන් ශකිබ් කියා සිටියා.

ඉන් අනතුරුවයි එරට ක්‍රිකට් ආයතනය ඔහුට ලබා දුන් අවසරය සම්බන්ධයෙන් යළි සලකා බැලීමට තීරණය කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...