“මට සිංහලෙන් ප්‍රශ්න අහන්න ඕනෙ, ඒකට ඉඩ දෙන්නේ නෑ” – රොෂාන් අබේසිංහ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද කතා කරන විට රොෂාන් අබේසිංහ යන නාමය ද කිසිසේත් අමතක කළ නොහැකියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තරග සදහා එක්වන බොහෝ අවස්ථාවන්හී දී විස්තර විචාරකයෙකු ලෙස ඔහු දක්වා ඇති දායකත්වය ද සුළු පටු නොවේ.

ශ්‍රී ලංකාවෙන් බිහිව ඇති ජාත්‍යන්තර විස්තර විචාරකයින් කිහිපදෙනා අතර රොෂාන් අබේසිංහ මහතාට ද ප්‍රමුඛස්ථානයක් හිමි වන බව නොරහසක්.

කෙසේ වෙතත්, මෑතකදී සමාජ මාධ්‍යජාලා ඔස්සේ ඔහුට එල්ල වූ ප්‍රබල චෝදනාවක් වූයේ ජාත්‍යන්තර තරග අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න විමසීමේ දී සිංහල භාෂාවෙන් එම ප්‍රශ්න නොවිමසා ඉංග්‍රීසි භාෂාව පමණක් යොදා ගන්නා බවටයි.

ඒ හේතුවෙන් සිංහල භාෂාවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් ලබා දෙන පිළිතුරු යළි ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට භාෂා පරිවර්ථකයෙකු යොදා ගැනීමට සිදු වූ අවස්ථා බොහෝමයක් අපට මතකය.

රොෂාන් අබේසිංහ මහතා තමන්ට එල්ල වන මෙම චෝනාවට මේ වන විට පිළිතුරු ලබා දී තිබෙනවා.

යූ ටියුබ් නාලිකාවක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සදහන් කර ඇත්තේ තමාට සිංහල භාෂාවෙන් ප්‍රශ්න විමසීමට අවශ්‍යව ඇතත්, ඒ සදහා විකාශන කටයුතු සිදු කරන ආයතන බළධාරීන් විසින් අවසර ලබා නොදෙන බවයි.

හින්දි සහ උර්දු වැනි භාෂා තේරුම් ගත හැකි ජනතාව ඉතා ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩකයින්ට තමන්ගේම භාෂාවෙන් කතා කිරීමට ජාත්‍යන්තර තරගවලදී අවස්ථාව ලැබී ඇතත්, සිංහල භාෂාව තේරුම් ගත හැකි ජනතාව අඩු අගයක් ගැනීම මීට හේතු වී ඇති බව අබේසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...