සීක්කුගේ ප්‍රසන්නගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ චන්දිමාල්ගේ කණ්ඩායමට දැවැන්ත පරාජයක්

Date:

කණ්ඩායම් 4 ක් එක් කිරුලක් වෙනුවෙන් එකිනෙකා හා තරග වදින Army Commander’s League විස්සයි විස්ස තරගාවලිය අද (31) දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුනා.

මෙම ලීගයට තරග වදින කණ්ඩායම් හතරෙහි නායකත්වය දරනු ලබන්නේ අසේල ගුණරත්න (Eastern Warriors), දිනේෂ් චන්දිමාල් (Southern Warriors), තිසර පෙරේරා (Western Warriors) හා සීක්කුගේ ප්‍රසන්න (Northern Warriors) විසිනුයි.

තරගාවලියේ ප්‍රථම තරගය අද පෙරවරුවේ Northern Warriors කණ්ඩායම සහ Southern Warriors කණ්ඩායම අතර පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Southern Warriors කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට සීක්කුගේ ප්‍රසන්න නායකත්වය දරන Northern Warriors කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පන්දුවාර 19.5 ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 142 ක්.

නායක සීක්කුගේ ප්‍රසන්න හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරවල් 2 ක් සමගින් පන්දු 21කදී ලකුණු 30 ක් රැස්කිරීමට සමත්වුණා.

අෂාන් ප්‍රියංජන් පන්දු 25 කදී ලකුණු 39 ක් රැස්කළා. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 4 ක් සහ හයේ පහරවල් 2 ක් ඇතුළත්.

ජානක සම්පත් ලකුණු 21(24) ක් ලබා ගනිද්දී මිලින්ද සිරිවර්ධන ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී Southern Warriors කණ්ඩායම වෙනුවෙන් අනර්ඝ පන්දු යැවීමක නිරත වූ දිනේෂ් පෙරේරා සිය පන්දුවාර 4 තුළ ලකුණු 29 ක් ලබා දී කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත්වුණා.

සුමින්ද ලක්ෂාන්, ජනිත් සිල්වා, හශාන් සන්දීප සහ මලින්ද අභිශේක් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 143 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ගේ කණ්ඩායමට පන්දුවාර 18.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 81 ක් පමණයි.

නායක දිනේෂ් චන්දිමාල් පන්දු 19 කදී ලකුණු 23 ක් රැස්කිරීමට සමත්වුණා.

ඇන්ජලෝ පෙරේරා ලකුණු 10 කටත්, සුමින්ද ලක්ෂාන් ලකුණු 19 කටත් දැවී ගියා.

Northern Warriors කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ නායක සීක්කුගේ ප්‍රසන්න සිය පන්දුවාර 4 තුළ ලකුණු 17ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත්වුණා. ගයාන් චන්ද්‍රබූස් සහා ආර්. තෙනුරාදන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න නායකත්වය දරන Northern Warriors කණ්ඩායම හමුවේ දිනේෂ් චන්දිමාල්ගේ Southern Warriors කණ්ඩායමට ප්‍රථම තරගයේදී ලකුණු 61 ක අමිහිරි පරාජයකට මුහුණ දීමටයි සිදු වුණේ.

තරගය පුරා තුන් ඉරියව්වෙන් සුවිශේෂී දක්ෂතාවයක් පෙන්නුම් කළ සීක්කුගේ ප්‍රසන්න තරගයේ විරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...