තරංගගේ වේගවත් ශතකය තිසරගේ පිලට ජය ගෙනෙයි

Date:

2021 Army Commanders League පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට Western Warriors කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 57කින් පරාජයට පත් වූයේ Eastern Warriors කණ්ඩායමයි.

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ Western Warriors කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තේ උපුල් තරංග වාර්තා කළ සුපිරි ශතකයෙන් සවිමත් වෙමින්.

පන්දු 62කින් වාර්තා වූ ඔහුගේ නොදැවුණු ලකුණු 100ට හයේ පහර 2ක් හා හතරේ පහර 14ක් ඇතුළත්.

ගිහාන් කෝරලගේ ලකුණු 33යි. බිෂාන් මෙන්ඩිස් ලකුණු 11ක් ද, නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 8ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ආර්. පුංචිහේවා කඩුලු 2ක් බිද හෙලූ අතර, ළහිරු මදුෂංක, චතුරංග ද සිල්වා හා නායක අසේල ගුණරත්න එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Eastern Warriors කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 120ක් පමණයි.

හිමාෂ ලියනගේ ලකුණු 34ක් හා අසේල ගුණරත්න ලකුණු 32ක් රැස් කළා.

මල්ක මදුෂංක කඩුලු 4ක් බිද හෙලූ අතර, ගිහාන් කෝරලගේ හා තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්තා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...