ස්ටොක්ස් තාවකාලිකව ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙයි

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලික විවේකයක් ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියෙන් ද ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

මානසික යහපැවැත්ම සදහා හා මෙතෙක් සම්පූර්ණයෙන් සුවය නොලැබූ ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක ඇති ආබාධය පදනම් කර ගනිමින් ඔහු මෙම තීරණය ගෙන ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

30 හැවිරිදි ස්ටොක්ස් වෙනුවට ක්‍රෙයිග් ඕවර්ටන් එංගලන්ත ටෙස්ට් සංචිතයට කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ලබන 4 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...