ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

33 හැවිරිදි ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළේ ඉන්දියාවට එරෙහිව නිමා වූ දෙවැනි පන්දුවාර 20යි 20 තරගය සදහායි.

2009 වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ජාත්‍යන්තර 20යි 20 පිටියට පිවිසි උදාන එම තරගාවලියේ තරග 5කට ක්‍රීඩා කළ අතර, අවසන් මහා තරගයට ද ක්‍රීඩා කරනු ලැබුවා.

2012 වසරේ දී එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසුන ද, අනතුරුව වසර 7ක පමණ කාලයක් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහුට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉසුරු උදාන එක්දින තරග 21කට හා 20යි 20 තරග 35කට ක්‍රීඩා කර තිබෙනවා.

“ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයින් සඳහා මාවත සකස් කිරීමට කාලය පැමිණ ඇති බව මම විශ්වාස කරනවා.” යනුවෙන් ඉසුරු සදහන් කළා.

“මම මගේ රට නියෝජනය කරමින් සේවය කළේ ඉමහත් ආඩම්බරයකින්, දැඩි ආශාවකින් හා අප්‍රමාණ කැපවීමකින්.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...