සිරාජ්ට පෙරමුණ අහිමි වෙයි ; විලියම්සන්, දිමුත්, චන්දිමාල් ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්ලසය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(22) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ඉදිරියට පැමිණීමට නවසීලන්ත හිටපු නායක කේන් විලියම්සන් සමත්ව තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාව සමග නිමා වූ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 121 ක් රැස් කරමින් සිය කණ්ඩායමට තියුණු ජයක් හිමි කර දුන් අතර, දෙවැනි තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 215 ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව සතියක කාලයක් තුළ ශ්‍රේණිගත ලකුණු 51 ක් ලබා ගත් විලියම්සන්ට මේ වන විට ශ්‍රේණිගත ලකුණු 883 ක් හිමිව ඇති අතර, ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන ඔස්‍ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන්ට වඩා ඔහු පිටුපසින් පසුවන්නේ ශ්‍රේණිගත ලකුණු 32 ක් පමණයි.

විලියම්සන් දෙවැනි ස්ථානයට පත් වීමත් සමග ස්ටීවන් ස්මිත් තෙවැනි ස්ථානය දක්වාත්, ජෝ රූට් සිව්වැනි ස්ථානය දක්වාත්, බාබර් අසාම් 5 වැනි ස්ථානය දක්වාත්, ට්‍රැවිස් හෙඩ් 6 වැනි ස්ථානය දක්වාත් පසුබැස තිබෙනවා.

මේ අතර, නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී අර්ධ ශතක දෙකක් වාර්තා කළ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි යළි 10 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. ඒ, මෙතෙක් 10 වැනි ස්ථානයේ රැදී සිටි රෝහිත් ෂර්මා සම 11 වැනි ස්ථානයට ඇද දමමින්.

දිනේෂ් චන්දිමාල් 17 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති අතර, ඇන්ජෙලෝ මැතිව්ස් 21 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් පසුබැස තිබෙනවා. ධනංජය ද සිල්වා රැදී සිටින්නේ 36 වැනි ස්ථානයේයි.

මේ අතර, එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය ඉන්දියාවේ මොහමඩ් සිරාජ්ට අහිමි වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට එහි පෙරමුණ ඔස්ට්‍රේලියාවේ ජොෂ් හේසල්වුඩ්ට හිමිව ඇති අතර, දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට්. ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී දැඩි ප්‍රහාරයකට ලක් වූ සිරාජ්ට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...