WPL අවසන් තරගයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව මුම්බායි පිලට අහිමි වෙයි

Date:

මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ 20 වැනි තරගයෙන් යූපී වොරියර්ස් කණ්ඩායම කඩුලු 5 කින් පරදා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමින්.

මේ වන විට තරගාවලියේ මූලික වටයේ සියලු තරග අවසන්ව ඇති අතර, දිල්ලි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගත්තේ තරග 8 න් තරග 6 ක් ජය ගනිමින්.

තරග 8න් තරග 6 ක් ජය ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගයට වඩා දිල්ලි කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉදිරියෙන් පැවැති බැවිනුයි දිල්ලි පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගත් මුම්බායි හා යූපී වොරියර්ස් කණ්ඩායම් එළඹෙන 24 වැනිදා පැවැත්වෙන Eliminator තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් ජය ගන්නා කණ්ඩායම දිල්ලි කණ්ඩායමට එරෙහිව එළඹෙන ඉරිදා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...