අංක හතෙන් තේජා ගහපු 110* නෙදර්ලන්තයට නොසිතූ ජයක් ගෙනෙයි

Date:

Teja Nidamanuru (තේජා නිදමනුරු) පන්දු 96 කින් නොදැවී වාර්තා කළ ලකුණු 110 හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 3 ක අනපේක්ෂිත ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

හරාරේ හී දී ඊයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 250 ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 64 ක් තුළත්, කඩුලු 6 ක් ලකුණු 110 ක් තුළත් දැවී ගියා.

කෙසේ වෙතත්, හයේ පහර 3කින් හා හතරේ පහර 9 කින් සිය ඉනිම වර්ණවත් කළ Teja Nidamanuru නෙදර්ලන්ත කණ්ඩායමට විශිෂ්ඨ ජයක් හිමි කර දීමට සමත් වුණා.

6 වැනි කඩුල්ල සදහා Colin Ackermann සමග ලකුණු 46 (64) ක සම්බන්ධතාවයක් ද, 7 වැනි කඩුල්ල සදහා Shariz Ahmad සමග ලකුණු 110 (94) ක සම්බන්ධතාවයක් ද පිහිටුවීමට ඔහු සමත් වූ අතර, 8 වැනි කඩුල්ල සදහා Paul van Meekeren සමග ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 35* (18) ක්.

Ackermann ලකුණු 50 කට දැවී ගියා. Shariz රැස් කළ ලකුණු සංඛ්‍යාව 30 ක්. Meekeren නොදැවී ලකුණු 21(9) යි.

පන්දු යැවීමේ දී වෙලින්ටන් මසකඩ්සා කඩුලු 3 ක් හා රිචර්ඩ් නගරාවා කඩුලු 2 ක් දවා ගත්තා.

නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 249 කට දැවී ගියේ පන්දුවාර 47.3 ක් අවසානයේ දී යි.

Clive Madande ලකුණු 74 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Fred Klaassen කඩුලු 3 ක් හා Paul van Meekeren කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...