සියල්ලන් මවිත කරවමින් රෂීඩ් ඛාන් එල්ල කල අර්ධ හෙලිකොප්ටර් පහර

Date:

අයි.සී.සී ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව අංක එකේ පන්දු යවන්නා වන්නේ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන්.

එමෙන්ම එක්දින ශ්‍රේණිගත කිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ හයවෙනි ස්ථානයද ඔහුට හිමිව තිබෙනවා.

වර්තමාන ලෝකයේ ක්‍රීඩා කරන සෑම ක්‍රිකට් ලීග් තරගාවලියකම පාහේ ක්‍රීඩා කරමින් පන්දු යැවීමෙන් දස්කම් දක්වන ඔහු විටක පිත්තෙන්ද අලංකාර පහරවල් එල්ල කල අවස්ථා බහුලයි.

මේ වන විට කොදෙව් දූපත්වල පැවැත්වෙන කැරබියන් ප්‍රිමියර් ලීගයේ බාබඩෝස් කණ්ඩායම නියෝජනය කරන රෂීඩ් ඛාන් ඔහු මුහුණ දුන් ප්‍රථම තරගයේදී නොදැවී ලකුණු 26 ක් වාර්තා කිරිමට සමත්වුණා.

එම ඉනිමට අයත් වූ අලංකාර හයේ පහරක් පිළිබඳව මේ වන විටත් බොහෝ පිරිසකගේ අවධානය යොමු වී තිබෙනවා.

15 වන පන්දුවාරයේදී අල්සාරි ජෝසප් පැයට කිලෝ මීටර 136 කට ආසන්න වේගයකින් යොමුකළ පන්දුවකට ආයාසයකින් හා පාද චලනයකින් තොරව අලංකාර අන්දමින් හයේ පහරක් වාර්තා කිරීමට රෂීඩ් ඛාන් සමත් වුණා.

ඒ මොහොතේ විස්තර විචාරයේ යෙදී සිටි විචාරකයා එය හොකී ක්‍රීඩාවේදී දක්නට ලැබෙන ” ෆ්ලික් ” පහරකට සමාන බව සදහන් කළා.

එමෙන්ම සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එංගලන්ත ක්‍රීඩිකා Danielle Wyatt එම පහර අර්ධ හෙලිකොප්ටර් පහරක් ලෙස ද හදුන්වනු ලැබුවා.

වීඩියෝ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...