මාලිංගට IPL අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා 20යි 20 නායක සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංගට මෙවර අයි.පී.එල් තරගාවලියේ තරග රැසක් අහිමි වන බව වාර්තා වනවා.

ඔහු පෞද්ගලික හේතුවක් මත තරගාවලියේ පළමු අර්ධයට එක් නොවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මාලිංගගේ පියා අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.

කෙසේ වෙතත්, තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා ඔහු ක්‍රීඩා කිරීමේ ඉඩක් පවතිනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...