පන්දුව දෝලනය කරමින් කුලසේකර ලබාගත් විශිෂ්ඨතම කඩුල්ල

Date:

නුවන් කුලසේකර කියන්නෙ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 184 ක් ක්‍රීඩා කර කඩුලු 199 ක් බිඳ හෙලනු ලැබූ විශිෂ්ඨ පන්දුයවන්නෙක්.

ඔහු සතුව තිබූ සුවිශේෂී පන්දුව දෝලනය කිරීමේ දක්ෂතාවය නිසාම පිතිකරුවන් අසරණ වූ වාර අනන්තයි.

හිටපු විශිෂ්ඨ වේග පන්දුයවන්නෙකු වන චමින්ද වාස්ට පසු මනාව පන්දුව දෝලනය කරමින් කඩුලු ලබාගත් ශ්‍රී ලංකා පන්දුයවන්නෙකු වේ නම් ඒ නුවන් කුලසේකර පමණයි.

කුලසේකර සිය හොඳම එක්දින පන්දුයැවීම ඕස්ට්‍රේලියාවට එරෙහිව 2013 වසරේ බ්‍රිස්බේන් ක්‍රීඩාංගණයෙදී වාර්තා කරන අතර එහීදී ලකුණු 22 කට කඩුලු 5 ක් බිඳ හෙලීමට ඔහු සමත්වුණා.

ඔහු පස්වන කඩුල්ල ලෙස මොයිසෙස් හෙන්ඩ්‍රික්ස්ව ඉතාම අලංකාර ඇතුලට දෝලනය වූ පන්දුවකින් දවාගැනීම විස්තර විචාරකවරුන්ගේ දෙඩි පැසසුමට පවා ලක්ව තිබුණා.

https://www.facebook.com/85633169312/posts/10158347330514313/

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...