සිංගේ ශතකය අපතේ යයි ; කොදෙව්වන්ට ලකුණු 39 ක ජයක්

Date:

ඇමෙරිකාවේ Gajanand Singh වාර්තා කළ නොදැවුණු ශතකය අපතේ යවමින් 2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දෙවැනි තරගයෙන් ඇමෙරිකාව පරදා ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(18) සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 297ක් ලබා ගත්තා.

ජොන්සන් චාර්ල්ස් ලකුණු 66 ක්, ජේසන් හෝල්ඩර් ලකුණු 54 ක්, රොස්ටන් චේස් ලකුණු 55 ක් හා නායක ෂායි හෝප් ලකුණු 54 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Saurabh Netravalkar, Kyle Phillip හා Steven Taylor කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකාවට පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 258 ක් පමණයි.

සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ Gajanand Singh පන්දු 109 කින් නොදැවී ලකුණු 101 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් සමගින්. Shayan Jahangir ලකුණු 39 ක් ද, Nosthush Kenjige නොදැවී ලකුණු 34 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ක්යල් මේයර්ස් හා අල්සාරි ජෝසප් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...