මොයීන් අලීට අයි.සී.සීයෙන් දඩ

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලීට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු අළුබදුන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී ඔහු සිය පන්දු යවන අතට යම් දියරක් ඉසීමේ සිද්ධිය හේතුවෙන්.

එහිදී ඔහු ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි හැසිරීම් ප්‍රදර්ශනය කිරීම යන අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.20 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

දඩ පැනවීමට අමතරව ඔහුගේ විනය වාර්තාවට අදාළ වරද හේතුවෙන් අවගුණ ලකුණක් ද ඇතුළත් කිරීමටයි තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් පියවර ගෙන ඇත්තේ.

සිය වරද හා තරග තීරකවරයා විසින් ලබා දුන් දඩුවම මොයීන් අලී විසින් පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවනු ඇති.

ඔහු මෙම දියරය පන්දුව පළුදු කිරීමේ අරමුණින් යොදා ගෙන නොමැති බවටත්, සිය අත වියළීම සදහා පමණක් එය භාවිතා කර ඇති බවටත් අනාවරණය වී ඇති බව ද අයි.සී.සීය සදහන් කළා.

මොයීන් අලී 2021 වසරේ දී ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ නමුත්, අළුබදුන තරගාවලියට නම් කර සිටි ජැක් ලීච් ආබාධයකට ලක්වීමත් සමග මොයීන් අලීට යළි ටෙස්ට් පිටියට පිවිසෙන ලෙසට සිදු කෙරුණු ආරාධනයක් අනුවයි ඔහු මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...