සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කෙරේ

Date:

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විසින් යොවුන් කණ්ඩායම් ඇතුළු සියලු තේරීම් කටයුතු සිදු කිරීම වෙනුවෙන් සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කිරීමට නිර්දේශ කර තිබෙනවා.

එම කමිටුව විසින් පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් මෙන්ම යොවුන් කණ්ඩායම් තේරීමේ කටයුතු ඇතුළු සියලු තේරීම් කටයුතුවල වගකීම දරනු ඇති.

තේරීම් කමිටු සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අසන්ත ද මෙල් මහතා මෙම තේරීම් කමිටුවේ ද සභාපතිවරයා ලෙස පත් කර ඇති බවයි Sunday Times පුවත්පත වාර්තා කළේ.

එහි සෙසු සාමාජිකයින් වන්නේ චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, හේමන්ත දේවප්‍රිය, රංජිත් මදුරසිංහ, උවයිස් කර්නයින් සහ නිල්මිනී ගුණරත්න යන අයයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව සදහා අනුමැතිය ලබා දිය යුතු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...