හෆීස්ගේ 74* පෙෂාවර් PSL පිටියෙන් ඉවතට විසි කරයි

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය (Eliminator 2) සදහා සුදුසුකම් ලබා ගැනීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් වටයේ දෙවැනි තරගයෙන්(Eliminator 1) පෙෂාවර් සල්මි කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කරමින්.

කරච්චිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පෙෂාවර් කණ්ඩායම කඩුලු 9ක් දැවි ලකුණු 170ක් ලබා ගත්තා.

ෂොයිබ් මලික් පන්දු 24කින් ලකුණු 39ක් සහ හාර්ඩස් විල්ජොයින් පන්දු 16කින් ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දිල්බාර් හුසේන් කඩුලු 3ක් බිද හෙලූ අතර, ශහීන් ශාහ් අෆ්රිඩි, හැරිස් රවුෆ් සහ ඩේවිඩ් විස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලාහෝර් කණ්ඩායම පන්දුවාර 19ක් අවසායේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මොහොමඩ් හෆීස් පන්දු 46කින් නොදැවී ලකුණු 74ක් ලබා ගනිමින් ලාහෝර් කණ්ඩායමේ ජය තහවුරු කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී සකිබ් මහ්මූද් කඩුලු 3ක් බිද හෙලීමට සමත් වුණා.

ඒ අනුව ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම අද (15) අවසන් වටයේ තෙවැනි තරගයේ දී මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායමට එරෙහිව තරග වදිනු ඇති.

එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8.30ට කරච්චි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 17 වනදා පැවැත්වෙන අවසන් තරගය සදහා සුදුසුකම් ලබන්නේ කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...