දික්වැල්ල පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ දුන්නේ මෙහෙමයි

Date:

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල පුහුණු කදවුරකට සහභාගී වී සිටිනවා.

ක්‍රීඩකයින් 22 දෙනෙකු එක්ව ඇති මෙම පුහුණු කදවුර පසුගිය 13 වනදා ආරම්භ වූයේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දීයි.

ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ මෙම පුහුණු කදවුර දින 10ක් පැවැත්වීමට  නියමිතයි.

කදවුරට සමගාමීව ක්‍රිකට් ක්‍රීඩකයින් සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණවලට ද යොමු කෙරුණා.

වාර්තාවන අන්දමට එම සියලු වෛද්‍ය පරීක්ෂණවලින් සියලු ක්‍රීඩකයින් සමත් වී ඇති බව සදහන්.

කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල ද මෙම පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ දී තිබූ අතර, ඊට අදාළ වීඩියෝවක් ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා.

(දර්ශන මූලාශ්‍රය – newswire)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...