දඹුල්ලේ පුහුණුකරු ලුවිස් ධූරයෙන් ඉවත් කෙරේ

Date:

දඹුල්ල වයිකින්ග් (Dambulla Viiking) කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර සිටි එංගලන්තයේ ජෝන් ලුවිස් එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක Owais shah.

ජෝන් ලුවිස් මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, බොලිවුඩ් නලුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන සචින් ජෝෂි (Sachin Joshi) විසින් දඹුල්ල කණ්ඩායම මිලදී ගැනීමත් සමග ජෝන් ලුවිස් දඹුල්ල කණ්ඩායමේ පුහුණුකාරධූරයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ නම ද නව හිමිකාරීත්වය යටතේ ඊයේ(14) යළි සංශෝදනයකට ද ලක් වුණා.

ඒ අනුව දඹුල්ල ලයන්ස් ලෙස හැදින් වූ එම කණ්ඩායම මේ වන විට හදුන්වන්නේ දඹුල්ල වයිකින්ග් (Dambulla Viiking) යන නමින්.

මීට පෙර එම කණ්ඩායම දඹුල්ල හෝක්ස් යන නමින් ද හදුන්වනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...