ස්මිත්ගේ ආරම්භක පිතිකරණ භූමිකාව අවසන්

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ නොකරන බව එරට තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි පවසනවා.

පිතිකරණ ලැයිස්තුවේ යළි මැදපෙල පන්දුවට පහර දීමට තමන් කැමැත්තෙන් පසුවන බවට ස්මිත් විසින් සදහන් කර තිබූ බවයි ජෝර්ජ් බේලි මාධ්‍ය හමුවේ පවසා සිටියේ.

මැද පෙල පිතිකරුවෙකු වන කැමරන් ග්‍රීන් ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතව ඇති අතර, ඒ හේතුවෙන් ඔහුට මාස හයක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනවා. කෙසේ වෙතත්, ඔහුට මෙවර ගිම්හාන තරග වාරය අහිමි වන බවට අනාවරණය වීමටත් පෙරම ස්මිත් මැද පෙල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරවීම සදහා වන තීරණය ගෙන තිබූ බව තේරීම් කමිටු ප්‍රධානියා පෙන්වා දෙනවා.

මාර්තු මාසයේදී නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගාවලියේ දී ද ස්මිත්ගේ පිතිකරණ ස්ථානය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිව තිබුණා.

ආරම්භක පිතිකරුවෙකු ලෙස ඔහු ක්‍රීඩා කළ ඉනිම් අටේදී ස්මිත් රැස් කර තිබුණේ ලකුණු 171 ක් පමණයි. ඒ, ඉනිමක සාමාන්‍ය 28.50 ක් ලෙස සටහන් කර ගනිමින්.

ඩේවිඩ් වෝනර්ගේ විශ්‍රාම ගැනීමත් සමග ස්මිත් පසුගිය ජනවාරි මාසයේ සිට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ අතර, එහිදී කැමරන් ග්‍රීන්ට අංක 4 පිතිකරණ ස්ථානයේ වගකීම භාර වුණා.

කෙසේ වෙතත්, ස්ටීවන් ස්මිත් විසින් නායක පැට් කමින්ස් හා පුහුණුකරු ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් සමග සිදු කළ සාකච්ඡාවකදී යළි මැදපෙල පන්දුවට පහර දීම සදහා ඉල්ලීමක් කර තිබූ බව තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි පෙන්වා දෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...