“බාබර් අසාම්ව නෙරපුවේ නැහැ, විවේකයක් දුන්නා විතරයි” පාකිස්තාන සහාය පුහුණුකරු

Date:

පාකිස්තාන සුපිරි පිතිකරු බාබර් අසාම් ටෙස්ට් කණ්ඩායමෙන් නෙරපා හැරීමක් සිදු කර නොමැති බව පාකිස්තාන සහාය පුහුණුකරු අසාර් මහ්මුද් පවසනවා.

ඉදිරි කාර්යය බහුල තරග කාලසටහන සලකා බලා ඔහුට මෙන්ම ශහීහ් ශාහ් අෆ්රිඩිට හා නසීම් ශාහ්ට විවේකයක් ලබා දුන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එංගලන්තය හමුවේ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක අහිමිරි පරාජයක් ලැබීමට පාකිස්තානයට සිදු වූ අතර, ඒ අනුව එම තරගයෙන් පසුව පත් වූ නව තේරීම් කමිටුව පියවර ගත්තේ මෙම ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනා නොමැතිව අවසන් තරග දෙක සදහා පාකිස්තාන සංචිතයක් නම් කිරීමටයි.

පාකිස්තානය මේ වන විට සිය රටේ දී ටෙස්ට් තරග ජය ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර, ඔවුන් අවසන් වරට ටෙස්ට් තරගයක් සිය රටේ දී ජය ගෙන ඇත්තේ 2021 වසරේ පෙබරවාරි මාසයේදී වීම විශේෂත්වයක්. එවන් පසුබිමකයි ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු විවේක ගන්වමින් පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කර ඇත්තේ.

“ඔහුව ඉවත් කරලා (dropped) නැහැ. ඔහුට විවේකයක් ලබා දීලා තියෙන්නේ” යනුවෙන් සහාය පුහුණුකරු අසාර් මහ්මුද් සදහන් කළා.

“බාබර් කියන්නේ අපේ අංක එකේ ක්‍රීඩකයා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ බැලුවොත් අපේ ඉදිරි තරග කාලසටහන (FTP) දිහා තරග රැසක් ක්‍රීඩා කිරීමට නියමිතව තියෙනවා. ඒ නිසා බාබර්ට විවේකයක් ලබා දෙන්න මේක තමයි හොදම අවස්ථාව කියලා තේරීම් කමිටුව තීරණය කරා. මේ තරගාවලියෙන් පසුව අපිට ඔස්ට්‍රේලියානු, සිම්බාබ්වේ හා දකුණු අප්‍රිකා තරග සංචාරවල නිරත වෙන්න සිද්ධ වෙනවා.”

කෙසේ වෙතත්, බාබර් අසාම් අවසන් වරට ටෙස්ට් අර්ධ ශතකයක් වාර්තා කර ඇත්තේ 2022 වසරේ දෙසැම්බර් මාසයේදී වීම විශේෂත්වයක්.

මේ අතර, කණ්ඩායමට දග පන්දු යවන්නන් වැඩි වශයෙන් ගෙන ඒමට අවශ්‍ය වීමත් සමග ශහීන් අෆ්රිඩිට හා නසීම් ශාහ්ට විවේකයක් ලබා දීමට තේරීම් කමිටුවට අවස්ථාවක් උදා වූ බව ද සහාය පුහුණුකරු පෙන්වා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...