උඩ පන්දු අටක් අත්හැරූ පාකිස්තානය ඉන්දියාවත් සමග ලෝක කුසලානයෙන් ඉවතට විසි වෙයි

Date:

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පාකිස්තානයට හා ඉන්දියාවට අද(14) අහිමි වුණා.

ඒ, තරගාවලියේ 19 වැනි තරගයෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායම නවසීලන්තය හමුවේ ලකුණු 54 කින් පරාජයට පත් වීමත් සමගයි.

ඉන්දියාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් මෙම තරගයෙන් පාකිස්තානය ජය ගැනීම අනිවාර්යය වී තිබුණා.

ඩුබායිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 110 ක් ලබා ගත් අතර, එහිදී පාකිස්තාන පන්දු රකින්නියන් අතින් උඩ පන්දු 8 ක් ගිලිහී යාම කැපී පෙනුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 11.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 56 ක් පමණයි.

තමන්ට ලද ලකුණු 111 ක ඉලක්කය පන්දුවාර 10.4 ක් තුළ දී පාකිස්තානය හඹා ගියේනම් ඔවුන්ට ද ඉන්දියාව හා නවසීලන්තය අභිබවා (ශුද්ධ ලකුණු වේගයෙන්) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් උදා වී තිබූ නමුත්, නවසීලන්ත පන්දු යවන්නියන් ඒ සදහා කිසිදු අවස්ථාවක් පාකිස්තානයට ලබා දුන්නේ නැහැ

ඒ අනුව අද ලැබූ ජයත් සමග A කාණ්ඩයෙන් නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගනිමින්. එහි පෙරමුණ හිමි කර ගත්තේ ඔස්ට්‍රේලියාවයි.

පාකිස්තාන ක්‍රීඩිකාවන් අතින් ගිලිහී ගිය උඩ පන්දු කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...