ස්ටොක්ස්ට බට්ලර්ගෙන් ඇමතුමක් ; සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා ලෝක කුසලානයට ?

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය සදහා තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ස්ටොක්ස් 2022 වසරේ දී එක්දින ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළේ කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන සැලකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත් ඔහුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා කැදවීම වෙනුවෙන් බෙන් ස්ටොක්ස් සිය විශ්‍රාම ගැනීමේ තීරණය අවලංගු කරනු ඇති බවට එංගලන්ත ක්‍රිකට් බළධාරීන් මේ වන විට අපේක්ෂාවෙන් පසුවනවා.

ඒ, එංගලන්ත තේරීම් කමිටුව විසින් ලෝක කුසලාන තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් මෙම සතියේ දී නිවේදනය කිරීමට නියමිතව ඇති පසුබිමකයි.

ඒ අනුව සීමිත පන්දුවාර කණ්ඩායමේ පුහුණුකරු මැතිව් මොට් මේ වන විට අපේක්ෂාවෙන් පසුවන්නේ බෙන් ස්ටොක්ස් මෙන්ම ආබාධ හේතුවෙන් පසුගිය කාලයේ තරග රැසක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ ජොෆ්ර ආචර් ද මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා සම්බන්ධ කර ගැනීමට හැකි වනු ඇති බවටයි.

එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ජොස් බට්ලර් ඊට අදාළ සාකච්ඡා ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් සමග සිදු කරනු ඇති බව සදහන්.

නිමා වූ අළුබදුන තරගාවලිය සදහා ද තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී ක්‍රීඩා කළේ ඔහු 2021 වසරේ දී ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගෙන තිබූ පසුබිමකයි.

කෙසේ වෙතත්, අළුබදුන තරගාවලියට පෙර නායක බෙන් ස්ටොක්ස් කළ ඉල්ලීමක් සලකා බලා මොයීන් අලී තාවකාලිකව සිය විශ්‍රාම ගැනීමේ තීරණය සංශෝදනය කරනු ලැබුවා.

ඒ අනුව එවැනිම සාකච්ඡාවක් ජොස් බට්ලර් හා බෙන් ස්ටොක්ස් අතර ඉදිරියේ දී සිදු වනු ඇති.

2019 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලිය ජය ගත් එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ ස්ටොක්ස් අවසන් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...