පවුලට ප්‍රමුඛතාවය දෙමින් නවසීලන්ත සංචිතයට අවසන් මොහොතේ වෙනසක්

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ, වේග පන්දු යවන ක්‍රීඩක බ්ලයාර් ටික්නර් පෞද්ගලික හේතුවක් මත තරග සංචාරයෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන්.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත 20යි 20 සංචිතයට පළමුව ටික්නර් ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත්, සිය බිරිද හා අලුත උපන් සිය දියණිය සමග කාලය ගත කිරීමේ අරමුණින් ඔහු මෙම සංචාරයෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔහු වෙනුවට ජෙකොබ් ඩෆී සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය එළඹෙන 17 වැනිදා ඩුබායි හී දී ආරම්භ වීමට නියමිතයි.

New Zealand squad:

Tim Southee (c), Adi Ashok, Chad Bowes, Mark Chapman, Dane Cleaver, Jacob Duffy, Dean Foxcroft, Kyle Jamieson, Ben Lister, Cole McConchie, Jimmy Neesham, Rachin Ravindra, Mitchell Santner, Tim Seifert, Will Young

T20I schedule – NZ vs UAE:

  • First T20I – Aug 17 – Dubai
  • Second T20I – Aug 19 – Dubai
  • Third T20I – Aug 20 – Dubai

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...