ඕවල් නායිකාවට හන්ඩ්‍රඩ් තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

Date:

එංගලන්තයේ පැවැත්වෙන කාන්තා හන්ඩ්‍රඩ් තරගාවලියට ක්‍රීඩා කරන Oval Invincibles කණ්ඩායමේ නායිකා දකුණු අප්‍රිකාවේ Dane van Niekerk ට මෙවර තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, ඇයගේ දකුණු මාපටැඟිල්ලේ සිදුව ඇති අස්ථි බිඳීයාමක් හේතුවෙන්.

Manchester Originals කණ්ඩායම සමග පැවැති තරගයේ දී යි ඇය මෙම ආබාධයට ලක්ව තිබුණේ.

වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව අනාවරණය වී ඇත්තේ ඇයට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වන බවයි.

ඇය වෙනුවට Invincibles කණ්ඩායමේ නායිකාව ලෙස ඉදිරි තරගවලදී නවසීලන්තයේ Suzie Bates කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

Dane van Niekerk වෙනුවට සංචිතයට ආදේශ කරන ක්‍රීඩිකාව ඉදිරියේ දී නිවේදනය කරනු ඇති.

තරගාවලියේ ඉතිරි තරග අහිමි වී ඇතත්, තවදුරටත් තමා සංචිතය සමග රැදී සිටිමින් කණ්ඩායමට අවශ්‍ය සහාය ලබා දෙන බවයි van Niekerk සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...