ඉන්දියාව 20යි 20 තරගාවලිය පරදියි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරග 5 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-2 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(14) අලුයම සමත් වුණා.

ඒ, රොමාරියෝ ෂෙපර්ඩ්ගේ විශිෂ්ඨ පන්දු යැවීමත්, බ්‍රෙන්ඩන් කිංග්ගේ නොදැවුණු ඉනිමත් හමුවේ දෙරට අතර පැවැති 5 වැනි හා අවසන් 20යි 20 තරගයෙන් කොදෙව්වන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට සමත් වීමත් සමගයි.

මෙය 2017 වසරෙන් පසුව කොදෙව්වන් විසින් ඉන්දියාවට එරෙහිව 20යි 20 තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාවයි.

ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි Lauderhill හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 18 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිංග් පන්දු 55 කින් නොදැවී ලකුණු 85 ක් ලබා ගත්තා. හයේ පහර 6 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ක්යල් මේයර් ලකුණු 10 කට දැවී ගියා.

කිංග් හා නිකලස් පූරාන් අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 107 (72) ක්.

නිකලස් පූරාන් පන්දු 35 කින් ලකුණු 47 ක් රැස් කළ අතර, ෂේයි හෝප් නොදැවී ලකුණු 22(13) යි. පූරාන්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහරක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං හා තිලක් වර්මා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ සූර්යකුමාර් යාදව්. ඔහු පන්දු 45කින් ලකුණු 61 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්.

තිලක් වර්මා ලකුණු 27(18) යි. පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත් අතර, අකීල් හොසෙයින් හා ජේසන් හෝල්ඩර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...