ස්ටාර්ස් කණ්ඩායමට විදෙස් පුහුණුකරුවෙක්

Date:

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පීටර් මුවර්ස් පත් කර තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු මෙන්ම Nottinghamshire කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන 60 හැවිරිදි එංගලන්ත ජාතික ඔහු සිය ක්‍රිකට් දිවියේ දී පළමු පෙල තරග 231 ක් හා List A එක්දින තරග 245 ක් ක්‍රීඩා කර තිබුණා.

මෙම පත් කිරීමත් සමග පීටර් මුවර්ස් බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී පුහුණුකරු ධූරයක් දරන වර්තමානයේ එකම විදෙස් පුහුණුකරු බවට පත් වනවා.

ස්ටාර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පසුගිය තරගවාර හතරේ දී ම කටයුතු කළේ ඩේවිඩ් හසී.

කෙසේ වෙතත්, ඔහු වික්ටෝරියා පිරිමි ක්‍රිකට් ප්‍රධානියා (Victoria’s head of male cricket) ධූරය භාර ගැනීමත් සමග පුරප්පාඩු වූ තනතුර සදහායි පීටර් මුවර්ස් පත් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...