යාපනයට හා ගාල්ලට ජය

Date:

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 13 වැනි හා 14 වැනි තරග අද(28) පැවැත්වුණා. කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති 13 වැනි තරගයෙන් මහනුවර කණ්ඩායම පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත් වූ අතර, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති 14 වැනි තරගයෙන් දඹුල්ල කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කළේ ගාලු කණ්ඩායමයි.

13 වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 249 ක් රැස් කළා. සදුන් වීරක්කොඩි ලකුණු 62 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ශිරාන් ප්‍රනාන්දු ලකුණු 62 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යාපනය කණ්ඩායම පන්දුවාර 39.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. නවෝද් පරණවිතාන ලකුණු 82 ක් රැස් කළ අතර, කසුන් අබේරත්න, නිශාන් මදුෂ්ක හා ජනිත් ලියනගේ අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා.

තරගාවලියේ 14 වැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන්නේ දඹුල්ල කණ්ඩායමයි. පන්දුවාර 49.5 ක් අවසානයේ දී දඹුලු ඉනිම ලකුණු 200 කට සීමා වුණා. සොනාල් දිනූෂ ලකුණු 62 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මිලාන් රත්නායක ලකුණු 41 කට කඩුලු 4 ක් දවා ගත්තා. අකිල ධනංජය කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 38 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායම පන්දුවාර 33.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. සොහාන් ද ලිවේරා ලකුණු 76 යි. පන්දු යැවීමේ දී දිලුම් සුධීර හා දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...