ඇෆ්ඝනිස්තානය තරගාවලිය දිනද්දී පාකිස්තානයට සැනසුම්දායක ජයක්

Date:

සයීම් අයුබ් පන්දු 40 කින් රැස් කළ ලකුණු 49 ත්, ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 25 කින් රැස් කළ ලකුණු 31 ත්, ශඩාබ් ඛාන්ගේ තුන් ඉරියව් දක්ෂතාත් හමුවේ ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් සැනසුම්දායක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී ඊයේ (27) පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 183 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 18.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 116 ක් පමණයි. ඒ අනුව පාකිස්තානයට ලකුණු 66 ක ජයක් හිමි වුණා.

ඇෆ්ඝනිස්තාන හඹා යාමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 21 ක් ලබා ගත් Azmatullah Omarzai. රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 18 ක් ද, මොහමඩ් නබී ලකුණු 17 ක් ද ලබා ගත්තා. රෂිඩ් ඛාන් ලකුණු 16 යි.

පන්දු යැවීමේ දී ශඩාබ් ඛාන් ලකුණු 13 කට කඩුලු 3 ක් හා ඉහ්සනුල්ලාහ් ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම වෙනුවෙන් පිතිකරණයෙන් ද දක්ෂතා දැක් වූ නායක ශඩාබ් ඛාන් ලකුණු 28 (පන්දු 17කින්) ක් රැස් කිරීමට සමත් වුණා.

මෙම තරගයෙන් පාකිස්තානය ජය ගත්ත ද, 20යි 20 තරගාවලි තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ඇෆ්ඝනිස්තානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...