ගෙට්කෙට් හා ස්ටර්ලින්ග්ට කොරෝනා ; පළමු එක්දින තරගයත් අහිමි වෙයි

Date:

ඇමෙරිකානු තරග සංචාරයක නිරත වූ අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන පෝල් ස්ටර්ලින්ග් හා ශේන් ගෙට්කෙට් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට දින 10ක කාලයක් ෆ්ලොරිඩාහී දී හුදකලාව සිටීමට සිදු වන බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ආරම්භ කරමින් අයර්ලන්ත කණ්ඩායම ඇමෙරිකාවේ සිට ජැමයිකාව බලා පිටත්ව යාමට පෙර සිදු කෙරුණු කොවිඩ් 19 පරීක්ෂණවලදී එම ක්‍රීඩකයින් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බව සදහන්.

මේ හේතුවෙන් ශේන් ගෙට්කෙට් හා පෝල් ස්ටර්ලින්ග්ට අවම වශයෙන් කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

ඔවුන් ජනවාරි 9 වනදා පමණ වන විට කොදෙව් දූපත්හී දී අයර්ලන්ත සංචිතය සමග එක්වීමට ඉඩ තිබෙනවා.

අයර්ලන්ත – ඇමෙරිකා එක්දින ක්‍රිකට් තරගාවලිය ද පසුගියදා අවලංගු කිරීමට පියවර ගත්තේ කණ්ඩායම් දෙකෙන්ම කොවිඩ් 19 ආසාදිතයින් හදුනා ගැනීම හේතුවෙන්.

ජනවාරි 8 වනදා ආරම්භ වන කොදෙව් – අයර්ලන්ත එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර, අනතුරුව 20යි 20 තරගයක් ද දෙරට අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...