කෝලි වරද පිළිගනියි ; ඉන්දියාවෙන් ප්‍රසාද ලකුණකුත් කපා හරියි

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉන්දියාව පන්දුවාර යැවීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්.

කාල ගණනයන්ට අනුව නියමිත කාලය තුළ දී ඔවුන් එක් පන්දුවාරයක් පිටුපසින් සිට ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

අයි.සී.සී නීති රීති අනුව නියමිත කාලය නිමා වන විට යැවීමට අපොහොසත් වී ඇති එක් පන්දුවාරයක් සදහා ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවනු ලබනවා.

එමෙන්ම මෙම වරද හේතුවෙන් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඉන්දියාවට හිමි ප්‍රසාද ලකුණක් කපා හැරීමට ද පියවර ගෙන තිබෙනවා.

අයි.සී.සී තරග තීරක Andrew Pycroft විසින් දඩුවම් පැනවීම සිදු කර ඇති අතර, අදාළ වරද හා ලබා දුන් දඩුවම ඉන්දීය නායක විරාට් කෝලි විසින් පිළිගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...