ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වය රාහුල්ට ; උප නායකත්වය බුම්රාට

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටින රෝහිට් ෂර්මා මෙතෙක් සම්පූර්ණ සුවය නොලැබීම හේතුවෙන් අදාළ තරගාවලියට ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

රෝහිට් ෂර්මා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් කිරීමෙන් පසුව ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ පළමු තරගාවලිය වූයේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියයි.

ඔහුට එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමට නොහැකි වන බැවින් ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කේ.එල්. රාහුල්ට පැවරී තිබෙනවා.

හිටපු නායක විරාට් කෝලි ද මෙම තරගාවලිය සදහා නම් කර ඇති අතර, කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ ජස්ප්‍රිට් බුම්රා.

ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ ශිකර් ධවාන් ද එක්දින සංචිතයට ඇතුළත්.

රුටුරාජ් ගයික්වඩ් හා වෙන්කටේෂ් අයියර් වැනි තරුණ ක්‍රීඩකයින් ද සංචිතයට නම් කර තිබෙනවා.

අවසන් වරට 2017 වසරේ දී එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇති ආර්. අශ්වින් ද ඉන්දීය එක්දින සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි මෙම එක්දින තරගාවලියෙන් විවේක ගන්වා ඇති බව සදහන්.

රවීන්ද්‍ර ජඩේජා හා අක්සාර් පටෙල් ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් එක්දින තරගාවලිය සදහා වන තේරීම් සදහා සලකා බලා නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 19 වැනිදායි.

SQUAD : KL Rahul (C), Shikhar Dhawan, Ruturaj Gaekwad, Virat Kohli, Surya Kumar Yadav, Shreyas Iyer, Venkatesh Iyer, Rishabh Pant (wk), Ishan Kishan (wk), Y Chahal, R Ashwin, W Sundar, J Bumrah (VC), Bhuvneshwar Kumar, Deepak Chahar, Prasidh Krishna, Shardul Thakur, Mohd. Siraj

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...