ස්ටබ්ස් වාර්තාගත මිලකට අලෙවි වෙයි ; SA20 වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූවන් 10 දෙනා

Date:

ජනවාරි හා පෙබරවාරි මාසවලදී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 (එස් ඒ ට්වෙන්ටි) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මෙරට වේලාවෙන් අද(20) අලුයම නිමා වුණේ තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් හය සදහාම ක්‍රීඩකයින් 17 දෙනෙකු බැගින් වන සංචිත සකස් කර ගැනීමට අවස්ථාව සලසා දෙමින්.

ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 79 දෙනෙකු අලෙවි වූ අතර, වෙන්දේසියට පෙර කණ්ඩායම් 6 විසින් ක්‍රීඩකයින් 23 දෙනෙකු සමග ගිවිසුම්ගත වී තිබුණා.

Also Read : SA20 වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු අලෙවි වෙයි ; සංචිත 6 මෙන්න

කේප් ටවුන් හී දී පැවැති ක්‍රීඩක වෙන්දේසිය සදහා රටවල් 18 කින් ලියාපදිංචි වී සිටි ක්‍රීඩකයින් සංඛ්‍යාව 533 ක්. ඉන් 248 දෙනෙකු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වුණා.

වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වුණේ දකුණු අප්‍රිකානු පිතිකරු ට්‍රිස්ටන් ස්ටබ්ස්.

ඔහුව රැන්ඩ් මිලියන 9.2 ක මුදලකට (රුපියල් කෝටි 18.7 ක පමණ අගයක්) මිලදී ගත්තේ සන්රයිසස් ඊස්ටර්න් කේප් (නැගෙනහිර කේප්) (Sunrisers Eastern Cape) කණ්ඩායම විසින්.

නැගෙනහිර කේප්, එම් අයි කේප් ටවුන් හා ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් යන කණ්ඩායම් අතර පැවැති උණුසුම් ලංසු සටනකින් පසුවයි ට්‍රිස්ටන් ස්ටබ්ස් අලෙවි වුණේ.

Also Read : දකුණු අප්‍රිකානු නායකයින් දෙදෙනා SA20 තරගාවලියෙන් විසි වෙද්දී අලෙවි නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්න

වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා –

  1. ට්‍රිස්ටන් ස්ටබ්ස් – රැන්ඩ් මිලියන 9.2 (රුපියල් කෝටි 18.7 ක පමණ අගයක්) (Sunrisers Eastern Cape)
  2. රයිලි රොසෝව් – රැන්ඩ් මිලියන 6.9 (රුපියල් කෝටි 14 ක පමණ අගයක්) (Pretoria Capitals)
  3. මාර්කෝ ජන්සෙන් – රැන්ඩ් මිලියන 6.1 (රුපියල් කෝටි 12.4 ක පමණ අගයක්) (Sunrisers Eastern Cape)
  4. වේන් පාර්නෙල් – රැන්ඩ් මිලියන 5.6 (රුපියල් කෝටි 11.4 ක පමණ අගයක්) (Pretoria Capitals)
  5. Donavon Ferreira – රැන්ඩ් මිලියන 5.5 (රුපියල් කෝටි 11.1 ක පමණ අගයක්) (Joburg Super Kings)
  6. සිසන්ඩ මගාලා – රැන්ඩ් මිලියන 5.4 (රුපියල් කෝටි 11 ක පමණ අගයක්) (Sunrisers Eastern Cape)
  7. හෙයින්රික් ක්ලාසෙන් – රැන්ඩ් මිලියන 4.5 (රුපියල් කෝටි 9.1 ක පමණ අගයක්) (Durban Super Giants)
  8. රීසා හෙන්ඩ්‍රික්ස් – රැන්ඩ් මිලියන 4.5 (රුපියල් කෝටි 9.1 ක පමණ අගයක්) (Joburg Super Kings)
  9. ටබ්රයිස් ශම්සි – රැන්ඩ් මිලියන 4.3 (රුපියල් කෝටි 8.7 ක පමණ අගයක්) (Paarl Royals)
  10. ඩ්වේයන් ප්‍රෙටෝරියස් – රැන්ඩ් මිලියන 4.1 (රුපියල් කෝටි 8.3 ක පමණ අගයක්) (Durban Super Giants)

මීට අමතරව දකුණු අප්‍රිකානු පිතිකරු රසී වැන් ඩර් ඩුසේන් රැන්ඩ් මිලියන 3.9 (රුපියල් කෝටි 7.9 ක පමණ අගයක්) මුදලකට මිලදී ගැනීමට MI Cape Town කණ්ඩායම සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...