ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයෙන් ඉවතට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ටොම් මූඩි සමග පැවැති කොන්ත්‍රාත් ගිවිසුමෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව, ටොම් මූඩි සමග අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවයකට එළඹ තිබෙනවා.

ක්‍රිකට් විධායක කමිටුව දීර්ඝ ලෙස සිදු කළ සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තාක්ෂණික උපදේශක කමිටුව වෙත ටොම් මූඩි සෘජුවම වගකිව යුතුව තිබූ නමුත්, මේ වන විට තාක්ෂණික උපදේශක කමිටුවක් නොමැති බැවින් ඔහුගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බව ක්‍රිකට් විධායක කමිටුවේ අදහස වී තිබෙනවා.

2021 වසරේ මාර්තු පළමු වැනිදා සිට ටොම් මූඩි ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත් කෙරුණේ තාක්ෂණික උපදේශක කමිටුව නිර්දේශ මතයි.

ටොම් මූඩි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවයට ස්තූතිය පල කරන බවත්, ඔහුගේ අනාගත කටයුතු වෙනුවෙන් සුබ පතන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...