Watch : මුරලි, ඩිල්ෂාන් හා තිසරගෙන් ලෙජන්ඩ්ස් ලීග් පිටියේ දී සුපිරි දක්ෂතා

Date:

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 2 බැගින් දවා ගැනීමට ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරන්ත ඩිල්ෂාන් හා මනිපාල් ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමත් වුණා.

ලක්නව් හි ඊයේ රාත්‍රියේ පැවැති මෙම තරගයෙන් ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටයිගර්ස් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 120 ක් ලබා ගත්තා.

රවිකාන්ත් ශුක්ලා ලකුණු 32 ක් රැස් කළ අතර, මොහමඩ් කයිෆ් ලකුණු 24 යි. පන්දු යැවීමේ දී අශෝක් ඩින්ඩා ලකුණු 22 කට කඩුලු 2 දවා ගත් අතර, තිලකරත්න ඩිල්ෂාන් පන්දුවාර 2 ක් යොමු කර ලකුණු 18 කට කඩුලු 2 ක් බිද හෙලුවා. තිසර පෙරේරා ලකුණු 16කට එක් කඩුල්ලක් දවා ගත්තේ පන්දුවාර 3 ක් යොමු කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 17.2 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගිය අතර, පාර්තිව් පටෙල් ලකුණු 34 ක් හා කෙවින් ඕබ්‍රයන් ලකුණු 23ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

තිසර පෙරේරා පන්දු 20කින් ලකුණු 22 ක් රැස් කළා. ඒ, හතරේ පහර 4 ක් සමගින්.

පන්දු යැවීමේ දී මුත්තයියා මුරලිදරන් පන්දුවාර 2.2ක් තුළ කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 10ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කරන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මේ වන විට ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම හිමි කර ගෙන සිටින්නේ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...