දකුණු අප්‍රිකානු නායකයින් දෙදෙනා SA20 තරගාවලියෙන් විසි වෙද්දී අලෙවි නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්න

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 (එස් ඒ ට්වෙන්ටි) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මෙරට වේලාවෙන් අද(20) අලුයම් කාලය වනතුරු දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී දී පැවැත්වුණා.

මෙම වෙන්දේසියේ දී ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අලෙවි නොවූ අතර, විශේෂත්වය වූයේ අලෙවි නොවූ ක්‍රීඩකයින් අතරට දකුණු අප්‍රිකානු 20යි 20 කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා ද ඇතුළත් වීමයි.

ඔහු දකුණු අප්‍රිකානු රැන්ඩ් 850,000 (රුපියල් කෝටි 1.7 ක පමණ අගයක්) මූලික වටිනාකමක් යටතේයි වෙන්දේසියට ඉදිරිපත්ව සිටියේ.

දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ඩීන් එල්ගර් ද වෙන්දේසියේ දී අලෙවි වූයේ නැහැ.

එල්ගර් වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ දකුණු අප්‍රිකානු රැන්ඩ් 175,000 ක (රුපියල් ලක්ෂ 35 ක පමණ අගයක්) මූලික වටිනාකමක් යටතේයි.

මෙම වෙන්දේසියේ දී ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක හා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් අලෙවි වූ අතර, වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබුණා.

ඒ අනුව මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතයි.

වෙන්දේසිය සදහා තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ඉදිරිපත් කෙරුණ ද ඔවුන් වෙන්දේසියේ දී අලෙවි වූයේ නැහැ.

අලෙවි නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඔවුන් ඉදිරිපත් කර තිබූ මූලික වටිනාකම් –

  • ජෙෆ්රි වැන්ඩර්සේ – දකුණු අප්‍රිකානු රැන්ඩ් 425,000 (රුපියල් ලක්ෂ 86 ක පමණ අගයක්)
  • දුනිත් වෙල්ලාලගේ – රැන්ඩ් 175,000 (රුපියල් ලක්ෂ 35 ක පමණ අගයක්)
  • නුවන් ප්‍රදීප් – රැන්ඩ් 850,000 (රුපියල් කෝටි 1.7 ක පමණ අගයක්)
  • බිනුර ප්‍රනාන්දු – රැන්ඩ් 850,000 (රුපියල් කෝටි 1.7 ක පමණ අගයක්)
  • අකිල ධනංජය – රැන්ඩ් 850,000 (රුපියල් කෝටි 1.7 ක පමණ අගයක්)
  • අවිශ්ක ප්‍රනාන්දු – රැන්ඩ් 850,000 (රුපියල් කෝටි 1.7 ක පමණ අගයක්)
  • මතීෂ පතිරණ – රැන්ඩ් 850,000 (රුපියල් කෝටි 1.7 ක පමණ අගයක්)
  • චාමික කරුණාරත්න – රැන්ඩ් 850,000 (රුපියල් කෝටි 1.7 ක පමණ අගයක්)
  • කුසල් පෙරේරා – රැන්ඩ් 850,000 (රුපියල් කෝටි 1.7 ක පමණ අගයක්)
  • දිනේෂ් චන්දිමාල් – රැන්ඩ් 850,000 (රුපියල් කෝටි 1.7 ක පමණ අගයක්)
  • පැතුම් නිස්සංක – රැන්ඩ් 850,000 (රුපියල් කෝටි 1.7 ක පමණ අගයක්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...