ස්ටබ්ස්ගේ මංගල එක්දින ශතකය තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට තහවුරු කර දෙයි

Date:

අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට (2-0) දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 343 ක් රැස් කළා.

සිය මංගල එක්දින ශතකය වාර්තා කළ ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 81 කින් නොදැවී ලකුණු 112 ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමගින්. Kyle Verreynne ලකුණු 67 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ක්‍රෙයිග් යන්ග්, කර්ටිස් කැම්පර්, ඇන්ඩි මැක්බ්‍රයන් හා Gavin Hoey කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 30.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169 ක් පමණයි.

ක්‍රෙයිග් යන්ග් නොදැවී ලකුණු 29 ක් ලබා ගත් අතර, Gavin Hoey ලකුණු 23 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ලිසාද් විලියම්ස් ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත්තා. ලුන්ගි එන්ගිඩී හා Bjorn Fortuin කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, ආබාධයකට ලක් වීම හේතුවෙන් දකුණු අප්‍රිකා ක්‍රීඩක නන්ඩ්‍රි බර්ගර්ට අයර්ලන්තට එරෙහි එක්දින තරගාවලියෙන් මෙන්ම බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...