Women’s T20 World Cup : ශ්‍රී ලංකාව අද යළිත් තරග බිමට

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය අද(5) පැවැත්වෙනවා.

එම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි. තරගය සාජා හී දී මෙරට වේලාවෙන් පස්වරු 3:30 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයේ දී ඔවුන් පාකිස්තානය හමුවේ පරාජයට පත් වූ අතර, මේ වන විට ශ්‍රී ලංකාව A  කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා. නවසීලන්තය පළමු ස්ථානයේත්, පාකිස්තානය දෙවැනි ස්ථානයේත් රැදී සිටින අතර, ඉන්දියාව රැදී සිටින්නේ සිව්වැනි ස්ථානයේයි. ඔස්ට්‍රේලියාව තවමත් කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ.

අද දිනයට අදාළ දෙවැනි තරගය පැවැත්වෙන්නේ බංග්ලදේශය හා එංගලන්තය අතරයි. එම තරගය ද සාජාහීදී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා. (රාත්‍රී 7:30 ට)

B කාණ්ඩයේ පළමු ස්ථාන දෙක මේ වන විට බංග්ලාදේශයට හා දකුණු අප්‍රිකාවට හිමිව ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව්වන් හා ස්කොට්ලන්තය පිළිවෙලින් තෙවැනි හා සිව්වැනි ස්ථානවල රැදී සිටිනවා. එංගලන්තය තවමත් කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...