සත්කාරක පාකිස්තානයට ශූරයින්ගේ කුසලානයේ අවසන් තැන – තීරණාත්මක තරගයක් හෙට

Date:

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ අවසන් ස්ථානය හිමි කර ගනිමින් මෙවර තරගාවලිය අවසන් කිරීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායමට අද(27) සිදු වුණා.

ඒ, පාකිස්තානය හා බංග්ලාදේශය අතර රාවල්පින්ඩිහීදී අද පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ 9 වැනි තරගය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට විනිසුරුවන් තීරණය කිරීමත් සමගයි.

ඒ අනුව මෙවර තරගාවලියේදී කිසිදු තරගයක් ජය නොගත් පාකිස්තානයට (-1.087 ක ශුද්ධ ලකුණු වේගයක් සමග) අද දිනයේදී ලැබුණු එක් ප්‍රසාද ලකුණත් සමග A කාණ්ඩයේ අවසන් ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ අතර, බංග්ලාදේශය (-0.443 ක ශුද්ධ ලකුණු වේගයක් සමග) ද එක් ප්‍රසාද ලකුණක් සමග තෙවැනි ස්ථානයෙන් තරගාවලිය අවසන් කළා.

A කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ නවසීලන්තය හා ඉන්දියාවයි. එම කාණ්ඩය යටතේ පැවැත්වීමට ඉතිරිව ඇති එකම තරගය වන්නේ ඉන්දියාව හා නවසීලන්තය අතර තරගය පමණයි.

මේ අතර, B කාණ්ඩයෙන් තවමත් කිසිදු කණ්ඩායමක් අවසන් පූර්ව වටයේ ස්ථාන තහවුරු කර ගෙන නොමැති නමුත්, එංගලන්තයට එම අවස්ථාව මේ වන විට අහිමි වී තිබෙනවා.

එම කාණ්ඩය යටතේ තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. එහිදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිවත්, දකුණු අප්‍රිකා කණ්ඩායම එංගලන්තයට එරෙහිවත් තරග වැදීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයෙන් ඇෆ්ඝනිස්තානය හෙට ජය ගතහොත් ඇෆ්ඝනිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...