චමරි වෙනුවට ආදේශක ක්‍රීඩිකාවක් නම් කෙරේ

Date:

UP Warriorz සංචිතය සදහා ඔස්ට්‍රේලියානු මුල් පෙල පිතිකාරිණියක වන Georgia Voll ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වෙනුවටයි ඇයව එම සංචිතයට ආදේශ කර ඇත්තේ.

චමරි නවසීලන්ත තරග සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික සංචිතය සමග එක්වීමට නියමිතව ඇති බැවින් ඇයට කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරග කිහිපය අහිමි වනවා.

ඇය පෙබරවාරි 26 වැනිදා දක්වා පමණක් එම සංචිතය සමග රැදී සිටියා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව UP Warriorz පිල ඊයේ (26) දිනයේදී තරගයක් ක්‍රීඩා කළ අතර, ඉන් අනතුරුව එම කණ්ඩායම තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ලබන 3 වැනිදායි.

මෙවර තරගාවලියේදී චමරි අතපත්තුට කිසිදු තරගයක් සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වූයේ ද නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...