සඩ්‍රාන්ගේ 177 හා ඔමර්සායිගේ කඩුලු 5 හමුවේ එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසි වෙයි

Date:

ඊබ්‍රහීම් සඩ්‍රාන් ප්‍රමුඛ ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් පෙන්නුම් කළ විශිෂ්ඨ දක්ෂතා හමුවේ 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට එංගලන්ත කණ්ඩායමට අද(26) සිදු වුණා.

ඒ, තරගාවලියේ 8 වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය හමුවේ ලකුණු 8ක පරාජයක් ලැබීම හේතුවෙන්.

B කාණ්ඩයේ තරගයක් ලෙස ලාහෝර්හීදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 7 ක් දැවී ලකුණු 325 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 317 ක් පමණයි.

ජෝ රූට් ලකුණු 120(111) ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුණා. හයේ පහරක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

බෙන් ඩකට් හා ජොස් බට්ලර් ලකුණු 38 බැගින් ලබා ගත්තා. පන්දු යැවීමේ දී අස්මතුල්ලාහ් ඔමර්සායි කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 58 ක් ලබා දෙමින්. මොහමඩ් නබී කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන ඉනිමේ නැංගුරම බවට පත් වූ ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 177 ක් රැස් කළා. ඒ, පන්දු 146 කින් හයේ පහර හයක් හා හතරේ පහර 12 ක් සමගින්.

එය ඇෆ්ඝනිස්තාන පිතිකරුවෙකු එක්දින ජාත්‍යන්තර තරගයකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම ශූරයින්ගේ කුසලාන තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද එය වාර්තා අතරට එක් වුණා. ඔහු විසින් බිද දමන ලද්දේ මීට දින කිහිපයකට පෙර එංගලන්තයේ බෙන් ඩකට් විසින් ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරන ලද ලකුණු 165 වාර්තාවයි.

අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 41 ක් ලබා ගත් අතර, හෂ්මතුල්ලාහ් ශහීඩි හා මොහමඩ් නබී ලකුණු 40 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී ජොෆ්ර ආචර් ලකුණු 64 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ලියම් ලිවින්ග්ස්ටන් කඩුලු දෙකක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...