සටනකින් පසු සිම්බාබ්වේ පරදා කොදෙව්වන් බලාපොරොත්තු රදවා ගනියි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමේ සිය බලාපොරොත්තු තවදුරටත් රදවා ගනිමින් තරගාවලියේ 8 වැනි තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදා ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(19) සමත් වුණා.

හෝබාර්ට් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 154 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ පිලට පන්දුවාර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

සිම්බාබ්වේ පිල සිය හඹා යාමට සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද එය ජයග්‍රහනයක් දක්වා පරිවර්තනය කර ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. Luke Jongwe ලකුණු 29 ක් හා Wessly Madhevere ලකුණු 27 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 16 කට කඩුලු 4ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායක නිකලස් පූරාන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 153 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ජොන්සන් චාර්ල්ස් ලකුණු 45 ක් ලබා ගත් අතර, රොව්මන් පවෙල් ලකුණු 28 ක් රැස් කිරීමට සමත් වුණා. අකීල් හොසේන් නොදැවී ලකුණු 23යි.

පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...