Watch : පිටියෙන් එළියටම ගහපු පවෙල්ගේ සුපිරි හයේ පහර

Date:

මෙවර පන්දුවාර 20යි 20යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය මෙරට වේලාවෙන් අද(19) දහවල් හෝබාර්ට් හී දී ආරම්භ වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායක නිකලස් පූරාන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 153 ක්.

ජොන්සන් චාර්ල්ස් ලකුණු 45 ක් ලබා ගත් අතර, රොව්මන් පවෙල් ලකුණු 28 ක් රැස් කිරීමට සමත් වුණා. අකීල් හොසේන් නොදැවී ලකුණු 23යි.

පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා.

මෙම ඉනිමේ දී රොව්මන් පවෙල් එල්ල කළ එක් හයේ පහරක් ක්‍රීඩාංගයෙන් ඉවතට ඇදී ගිය අතර, එම පහරේ දුර සටහන්ව තිබුණේ මීටර් 104 ක් ලෙසයි.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...