ධනුෂ්ක ලෝක කුසලානයෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයා මෙන්න

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා මැදපෙල පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධවලට ලක්වීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති බවයි.

ඔවුන් වෙනුවට කසුන් රාජිත හා අශේන් බණ්ඩාර සංචිතයට නම් කර ඇති අතර, ඒ සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඊයේ පළමු වටය යටතේ පැවැති තරගයේ දී පන්දු යවමින් සිටියදී යි දුෂ්මන්ත චමීරගේ වම් පාදයේ ආබාධයක් සිදු වුණේ.

ධනුෂ්ක ගුණතිලක ද පාදයක ආබාධයකට ලක්ව සිටි බැවින් ඊයේ පැවැති තරගය සදහා ඔහු ක්‍රීඩා කළේ නැහැ.

කසුන් රාජිත මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර, ඔහු කඩිනමින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා සංචිතය සමග ඔස්ට්‍රේලියාවේ මෙතෙක් රැදී සිටියේ අතිරේක ක්‍රීඩකයෙකු වශයෙනුයි.

ලෝක කුසලානයේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය හෙට (20) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...