සංගාගේ ධූර කාල දිගුවට ඡන්ද විමසීමකින් අනුමැතිය

Date:

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන එම් සී සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතාගේ ධූර කාලය නිල වශයෙන් තවත් වසරකින් දීර්ඝ කර තිබෙනවා.

ඒ, මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී යි.

එහිදි සාමාජිකයන් අතර පැවැති ඡන්ද විමසීමකින් පසුව ඔහුට තවත් වසරක ධූර කාලයක් පිරි නැමීමට තීරණය කළ බවයි මාරිලිබෝන් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ.

ඒ අනුව සංගක්කාර මහතා ලබන වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා එම ධූරයේ කටයුතු කරනු ඇති.

කොරෝනා වසංගත අර්බුදයෙන් සිදු වූ බලපෑම සැලකිල්ලට ගනිමිනුයි ඔහුට තවත් වසරක ධූර කාල දිගුවක් ලබා දීමට තීරණය කර ඇත්තේ.

සංගක්කාර යනු එම් සී සී සභාපතිධූරයට පත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන ලොව පළමු පුද්ගලයායි.

2021 වසරේ ඔක්තෝම්බර් පළමු වැනිදා සිට එම් සී සී සභාපති ධූරයේ වැඩ භාර ගනු ලබන්නේ එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු නායිකාවක වන CLARE CONNOR විසින්.

වසර 233ක් පැරැණි මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිධූරයට පත් වන පළමු කාන්තාව ඇය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...