සංගක්කාරගෙන් පසු එම්.සී.සී සභාපතිධූරය ඉතිහාසයේ පළමු වරට කාන්තාවකට

Date:

එංගලන්තයේ මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී) සභාපතිධූරයට කාන්තාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු නායිකාවක වන CLARE CONNOR මෙලෙස එම ධූරයට නම් කර ඇති අතර, ඒ පිළිබදව ඊයේ(24) පැවැති වාර්ෂික මහා සභා රැස්වීමේ දී ප්‍රකාශයට පත් කෙරුණා.

වත්වන් සභාපති කුමාර් සංගක්කාර මහතා විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ සිට ඒ බව නිවේදනය කළ බවයි එම් සී සී ක්‍රීඩා සමාජය සදහන් කළේ.

ඒ අනුව වසර 233ක් පැරැණි මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිධූරයට පත් වන පළමු කාන්තාව ඇය වීම ද විශේෂත්වයක්.

CLARE CONNOR 2021 වසරේ ඔක්තෝම්බර් පළමු වැනිදා සිට අදාළ ධූරයේ වැඩ භාර ගනු ඇති.

කුමාර් සංගක්කාරගේ වසරක ධූර කාලය මෙම වසරේ ඔක්තෝම්බර් පළමු වැනිදා වන විට අවසන් වීමට නියමිතව තිබුණ ද, කොරෝනා වසංගත අර්බුදයෙන් සිදු වූ බලපෑම සැලකිල්ලට ගනිමින් ඔහුට තවත් වසරක ධූර කාල දිගුවක් භාර ගන්නා ලෙසට මේ වන විට ආරාධනා කර තිබෙනවා.

සංගක්කාර යනු එම් සී සී සභාපති ධූරයට පත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන ලොව පළමු පුද්ගලයායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...