“ජූලි 25 වන විට කණ්ඩායම ඕනෙ දේකට ලැහැස්තියි” – මිකී ආතර්

Date:

ලබන ජූලි 25 වනදා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරග සදහා සුදුසු තත්ත්වයකට පත් කිරීම සිය අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසනවා.

මහනුවර දී ආරම්භ වී ඇති දින 10ක නේවාසික පුහුණු කදවුර අතරතුර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ ජූලි 25 වනදා වන විට ටෙස්ට්, එක්දින හෝ 20යි 20 යන ඕනෑම තරග රටාවක් ක්‍රීඩා කිරීම සදහා කණ්ඩායම සූදානම් කරන බවයි.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ මෙම පුහුණු සැසියෙන් නොනැවතී ඉදිරියටත් කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි.

ජාත්‍යන්තර තරග ආරම්භ වන විට මනා සූදානමක පසුවිය යුතු බැවින් දෙවැනි පුහුණු කදවුර ආරම්භ කළ බව ද දිමුත් කරුණාරත්න කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...