ක්‍රිකට් මුල් පුටුවට ද්වන්ද සටනක්

Date:

සිය නව සභාපතිවරයා තෝරා ගැනීම සදහා වන නාමයෝජනා ක්‍රියාවලිය ලබන සතියේ දී අවසන් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) කටයුතු කරනු ඇති බව වාර්තා වනවා.

ඊයේ දිනයේ(25) දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අයි.සී.සී මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබද සාකච්ඡා වී ඇති බවයි times of india වාර්තා කර ඇත්තේ.

මේ වන විට අයි.සී.සී සභාපතිධූරය දරනු ලබන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන ශශාන්ක් මනෝහාර් විසින්.

කෙසේ වෙතත්, ඔහු තවත් ධූර කාලයක් සභාපතිධූරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන්නේ නැහැ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති එහ්සාන් මනී ද සභාපතිධූරය සදහා තරග වදිනු ඇති බවට වාර්තා පලව තිබූ නමුත්, පසුව ඔහු සදහන් කර සිටියේ තමන් ඒ සදහා කැමැත්තක් නොදක්වන බවයි.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි සහ එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති Colin Graves යන දෙදෙනාගෙන් එක් අයෙකු අයි.සී.සී සභාපති ධූරය සදහා තේරී පත් වීමට වැඩි ඉඩක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...