සංගාගේ දිරි ගැන්වීම මැද ක්‍රිස් ගේල්ගෙන් හයේ වැස්සක් සමග නව T 10 වාර්තාවක්

Date:

අබුඩාබී T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපර් ලීග් තරග වටය යටතේ තවත්  තරග 3ක් ඊයේ(3) දිනයේ දී ත් පැවැත්වුණා.

එහිදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගයක් බවට පත් වුණේ මරාතා ඇරබියන්ස් සහ අබුඩාබි කණ්ඩායම අතර තරගයයි.

ඒ, පන්දුයවන්නන් අසරණ කරමින් වේගවත් පිතිප්‍රහාරයක් දියත් කිරීමට අබුඩාබි කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් සමත් වීම හේතුවෙන්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් අබුඩාබි කණ්ඩායමේ නායක ලුක් රයිට් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට මරාත ඇරබියන්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඇරබියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 97 ක් රැස් කළා.

මාරාත ඇරබියන්ස් කණ්ඩායම වෙනුවෙන් අලීශාන් ශරාෆූ පන්දු 23 කදී ලකුණු 33 ක් රැස් කළ අතර, මොහොමඩ් හෆීස් පන්දු 13 කදී ලකුණු 20 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඔබේඩ් මැකෝයි (Obed McCoy) කඩුලු 02 ක් බිද හෙලුවා.

ජෙමී ඕවර්ටන් හා නවීන් උල් හක් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 98 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අබුඩාබි කණ්ඩායම පන්දුවාර 4.3 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

ඉතාමත් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ ක්‍රිස් ගේල් පන්දු 22 කදී නොදැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 84 ක්.

එම ඉනිම හයේ පහරවල් 9 කින් සහ හතරේ පහරවල් 6 කින් වර්ණවත් වුණා.

ඔහු සිය අර්ධ ශතකය පන්දු 12කින් වාර්තා කළ අතර, එය T 10 ඉතිහාසයේ වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය සම කිරීමක් ද වනවා.

පෝල් ස්ටර්ලීන් පන්දු 5 කදී ලකුණු 11 ක් රැස් කළ අතර, අබුඩාබී කණ්ඩායමේ බිඳ වැටුණු එකම කඩුල්ල දවාගැනීමට සමත් වුණේ මොසඩැක් හුසේන්.

ඒ අනුව අබුඩාබි කණ්ඩායමට කඩුලු 9 ක පහසු ජයග්‍රහණයක් මෙම තරගයෙන් හිමිවුණා.

තරගයේ වීරයා ලෙස ක්‍රිස් ගේල් සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඔහු 41 වන වියේ පසු වුව ද සිය ප්‍රවේගකාරී පිතිකරණය අදටත් නොවෙනස්ව පවතින බවට ක්‍රිස් ගේල් මේ වන විට සනාථ කර අවසන්.

අබුඩාබි කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...