කොදෙව් තරග සංචාරය කල් දැමේ – කිලෝ මීටර් දෙකේ යෝග්‍යතා පරීක්ෂණයත් කල් යයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ මුල්පෙළ පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ක්‍රිකට් බළධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි “ද අයිලන්ඩ්” පුවත්පත වාර්තා කරන්නේ.

ලබන 20 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබූ අදාළ තරග සංචාරය කල් දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

කෙසේ වෙතත්, තරගාවලිය කල් දැමූ බවට වන නිල නිවේදනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට හෙට(5) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ද පවතින තත්ත්වය මත ලබන සතිය දක්වා කල් දමා ඇති බව සදහන්.

ලබන 10 වනදා ද ක්‍රීඩකයින් සහ පුහුණුකාර්ය මණ්ඩලය සදහා පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති බවත්, එහි ප්‍රතිපල අනුව යෝග්‍යතා පරීක්ෂණය සිදු කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවත්, “ද අයිලන්ඩ්” පුවත්පත වාර්තා කර තිබෙනවා.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමටනම් සියලු ක්‍රීඩකයින්ට කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක් තුළ දිව යා යුතුයි.

මේ අතර, ළහිරු තිරිමාන්නගේ සහ මිකී ආතර්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස හදුනා ගත් ක්‍රීඩකයින් ද ස්වයං නීරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩක සධීර සමරවික්‍රමගේ විවාහ උත්සවය ද පසුගියදා පැවැති අතර, එම අවස්ථාවට ද ළහිරු තිරිමාන්න එක්ව සිටියා.

ALSO READ : ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුගතදාස ක්‍රීඩාංගනයේ වට 5ක් දිව යාමේ අභියෝගයක්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...